වැටීගෙන කුලී නිවසක
කුසපොත්ත ඇලී පිටටම
දෙවේලක් හාමත්ව
හාමුලා ට ජය පතාම
යති උහු උන්ව කර තබාන...
අවුරුදු පහෙන් පහටම
දෙපැත්ත මාරු කර කර
තවුතිසා සොයන හැටි
අපායක් වන විට උපන් බිම...
බෙහෙත් නැති රෝහල
ළගම ඇත චැනල් පෙල
යාමට කාසි නැති නිසා
අද අදම මරු හමු වෙත...
සැප අතහරින ලෙස
මුණි දෙසූ බණ දෙස දෙස
මහා සඟ නායක
ප්‍රාඩෝ රියෙන් බැස යත...
ඇත්තෝ කා බී සුඛන බිම
නැත්තෝ උන්ගෙ පා ලෙවකන
සිහිනයක් සේ පෙනෙයි දැන්
මා පැතූ ඒ සමබිම....
හසියා
Monday, January 27, 2020
Subscribe to:
Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...