Thursday, July 30, 2020

මන්ද පමා ගල් වර්ෂන්

බාර් එකෙ ඉන්න ඔයා
ගල් බාගෙ තියා
ගල් රස ඕනෙ කියා
දැන් මන්ද පමා...

තරු කඩා වැටෙන දවසක්
අපි ගැහුවා ගල් වරුවක්
කැරකිලා යන්න කොහෙදෝ බාධා
අමුවෙන්ම ගහපු හවසක්
යන්නට බෑ තව අඩියක්
වැටිච්ච තැන ඉන්නයි ආසා...

බාර් එකෙ ඉන්න ඔයා...

කබරයා වැටෙන මොහොතක්
ඔලු කැක්කුම් එන දවසක්
 යලිත් වෙන්න නෑනේ ඕනා
ආයෙ බොන්නෙම නෑ කීවත්
එහෙම හිතපු එකම වරදක්
හිස පැලී ගියත් ගල්මයි ඕනා

බාර් එකෙ ඉන්න ඔයා..

Saturday, July 18, 2020

ළඟ නැති ඔයාට




SATURDAY, OCTOBER 13, 2012


ළඟ නැති ඔයාට








සංසාරෙ පුරාවට
රැක ගන්න සිටි මැණික
අහිමි වූ කලට හිත
හදාගන්නේ කෙලෙස
සිහිනයෙන්වත් ඇවිත්
සුවඳ තවරා දසත
හිත හදාගන්න හැටි
කියාදී යන්න මට..........

ආයෙමත් පුරුදු හන්තාන හෙවන යටට ආවා.මාසයක් තිස්සේ මන් මේ හන්තාන අහසින් ඇත හිටියේ.මන් අඩිය තියපු වෙලාවේ ඉඳන් හන්තාන අහස අඩනවා.සමහර විට මාව ආයේ දැකපු සන්තෝසෙට වෙන්නැති.කොහොමහරි සද්ද බද්ද අඩුව තිබුන අපේ කාමරේ ආයෙමත් සැහෙන්න කාලගෝට්ටියක්.එහෙට මෙහෙට විසිරිලා හිටපු ඔක්කොම ආයේ එකතු වෙලා.සඳුදා ඉඳන් ආපහු වැඩ පටන් ගැනිල්ලක් තියෙන්නේ එක හුස්මට.කොහොම උනත් ආයේ පරණ ජීවිතේට එන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්.එත් හිතේ තියන තනිකම මකන්නම බැහැ වගේ.එක කොහෙන් එන තනිකමක්ද කියල හිතා ගන්න අමාරුයි.එත් ඒ තනිකමට මන් ආසයි.හන්තානේ ෆයිනස් ගස් මුදුනෙන් ගලාගෙන එන අඳුර,මීදුම,හන්තාන අහසින් වැටෙන වැස්ස මේ හැමදේකම තියෙන්නේ මහා තනිකමක්.ඒ සමහරවිට කවුරු  ළඟ හිටියත් ඔය මන් ළඟ නැති නිසාද?.පුලුවන්නම් හීනෙන් හරි ඇවිත් මට උත්තරයක් දීල යන්න.අවුරුදු ගානකින් දැක්කේ නැති ඔයා දැන් කොහොම ඇද්ද?එදාට වඩා  තවත් ලස්සන වෙලා ඇති.එත් මට නම් තම ඔයා එදා මන් දැක්ක ඔයාමයි...........පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැතුව තාමත් මගේ හිතේ ඒ විදියටම ඉන්නවා.පුලුවන්නම් එකම එක පාරක් හීනෙන් හරි ලඟට එන්න.මන් බලාගෙන ඉන්නවා ඇස් පියාගෙන ඔයා එනකන්.(මෙය මගේ පෙර බ්ලොග් අඩවියෙන් උපුටා පල කිරීමකි)

No comments:




එදා-අද


එදා-අද

සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත් කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ "සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස් දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ "සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි කියලයි මට හිතෙන්නේ.

             1986 අගෝස්තු 20                             නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
                              දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්‍රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
                             ..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........

දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.

අභිසාරිකාව සහ ස්වාමියා



අභිසාරිකාව සහ  ස්වාමියා
සඳුට හොරා මේ නිශාන්තයේ
                   සැනසුනේ කිම තව කෙනෙකු තුරුලේ...?
             සැතපුනේ කිම තව කෙනෙකු යහනේ...?
                                          
ලොවට හොරා 
සැතපුනත් මා තව කෙනෙකු යහනේ
සැනසුනේ නැත මා ඔහුගේ තුරුලේ
    නෙතු පියන් පියා මා සිටිය රෑ යාමේ
              සිහිනයෙන් පවා ඔබේ රුවය් මා දුටුවේ
   මගේ හිමි සඳුනේ.......... 
අගහිඟකම් දෝරෙ ගලා
              යන විටදී ලිප ගිනි දැල්ල නිවලා
ඔබේ ගත මස
  මිල කලේ කිම
        මගේ සෙනෙහස අඩුවීද, මට
කියන් පිය ලදුනේ....?
                      
අඩන විට අපෙ පැටවූ බඩගින්නේ
කෝටියක්  දෙවිවරුන් සිටියද
නොමැත එය ඇසුනේ....
                     මා විසින් රැකි පතිදම් බෙලෙන්වත්
        නොමැත සෙත සැදුනේ
                         උන්ගෙ කුසගිනි නිවනු පිනිසය්
                               මගේ ගත මස රුහිරු මිල කෙරුවේ
                           ඔබේ සෙනෙහස මහමෙරකි මට
                     මගේ හිමිසඳුනේ.....

    සීතාව ලෙස පතිදම් නොරැකි  හින්දා
ගිනි දෙවිඳු අබියස සිටිමි හිස හංගා
  ලෝකයෙන් මට ලැබෙය් නවනින්දා
    හිමිසදුනි,මට කල හැකිද අනුකම්පා....?
-----------------------------------------
          ගිනි දෙවිඳු හට ඔබ කෙලෙස බිලි දෙන්නේ
සීතාව ලෙස මට ඔබ අගෙය් ළඳුනේ
        කිරි මවුන් දහසක් වැනිය ඔබෙ සෙනෙහේ
     මව නුඹය මගෙ පුංචි පැටවුන්ගේ..........
                    
     ලෝකයෙන් අද ලැබෙනමුත් නින්දා
   කමක් නැත මට නුඹ මගේ හින්දා
            බිඳු කඳුළු පිස නෙත් අඳුන් මැකි දෑසේ
      දල්වන්න සොඳුරිය  නිවුණු ලිප ගිනි දැල්........

ඉසුරුමුණි පෙම් යුවල


                     
       බිඳුණු පෙම් යුවල
ඉසුරුමුණි පෙම් යුවල බිඳිලා
පෙම්වතී නැහැ පෙම්වතා ලග
         කල්ප කාල යුග බැඳ ආ සෙනෙහස
  අතැර දා ඇය දුර ගිහිල්ලා.......
           
ආදරෙන් ඔහු වෙතට ලංවී
     රහස් සවනට කොඳුරලා කියූ
පෙම්වතිය දුර ඇදී ගිය සඳ
         පෙම්වතා අඳුරේ තනිව ඇත........

ආදරේ නාමෙන් සදාකල්
      එක්වූ අතැගිලි වෙන්ව ගියමුදු
     ඇය යලිත් එනතුරා මා වෙත
                මග බලාගෙන ඔහු හිඳිනු ඇත.......  

අමතක මතක

ජීවිතේ තියනවා
සමහර කතා
කොයිතරම් ලිව්වත්
ඉවරයක් වෙන්නෙ නැති...

ජීවිතේ තියනවා
සමහර ගීත
ඇහෙනකොට
කෙනෙක්ව නිකම්ම මතක් වෙන..

ජීවිතේ තියනවා
සමහර සුවඳ
කොහේදි දැනුනත්
ඒ එයාගෙද කියල හිතෙන...


ජීවිතේ තියනවා
සමහර මතක
කොහොම කිව්වත්
අමතක වෙන්නෙ නැති...


ඒ අපිලිවෙල මතක අස්සේ අමතක නොවෙන කෙනෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා...
















Thursday, July 9, 2020

අමතකව නොයන පාසල් ප්‍රේමය 96

විජේ සේතුපති සහ ට්‍රිශා ක්‍රිෂ්ණන් රංගනයෙන් දායක වන "96" චිත්‍රපටය මෑත කාලයේ මා බැලූ හිත පාරවන චිත්‍රපටයක්.කතාවේ අන්තර්ගතය මෙහෙමයි.රාම් හෙවත් කේ.රාමචන්ද්‍රන් සංචාරක ඡායාරූප ශිල්පියෙක්.ඔහු ඡායාරූප වැඩසටහනකට සම්බන්ධ වී ආපහු එන අතරතුරේ තමන් උපන් ප්‍රදේශය හරහා යනවා.එතනදී ඔහුට කුඩා කාලයේ උගත් පාසල දකින්න හම්බ වෙනවා.ඒ මතකයන්ගෙන් අලුත් වන රාම් වට්ස්ඇඇප් ගෲප් එකකට සම්බන්ධ වෙලා තමන් සමඟ එකට සිටි පාසල් මිතුරන්ව නැවත මුණ ගැසීමකට නැත්තම් re union එකකට සම්බන්ධ කරගන්නව.එතනට එනවා තව විශේෂ කෙනෙක්.ඒ තමා ජානූ(ට්‍රිශා).ජානූ කියන්නේ රාම් ගේ පාසල් පෙම්වතිය.ඇය ඒ මොහොත වෙනකොට විවාහකයි.එක් දරු මවක්.නමුත් රාම් ඒ වෙනකොටත් තනිකඩයි.ඉතින් කතාව යන්නේ වර්තමානයේ රාම් සහ ජානු ගේ එකතුවීමෙන් එයාලා අතීතාවර්ජනයේ යෙදෙන විදියටයි.ජීවිතේ එක්තරා තැනකදි රාම්ට ජානුව මග ඇරෙනවා.ඒ වෙන්වීම අවසන් මොහොත දක්වාම වෙනස් කරගන්න බැරිවෙනවා.සමහර තැන්වලදී එක වැරදි වැටහීමක් නිසා මුලු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන් කියන එකත්,ජීවිතේ කියන්නේ හමුවීම් සහ වෙන්වීම් කියන එකත් 96 දී හරිම ලස්සනට අපිට පෙන්නනවා.96 අවසානය ජානු ඇදපු ඇදුමක් රාම් පිලිවෙලට නවලා තමන්ගේ පාසල් මතක පිරුණු සූට්කේස් එකට දාලා වහන එක.ඔව් සමහර මතක තියනවා එහෙම අපි කොහේ හරි තැනක පරෙස්සමින් අරන් තියන.හැමෝටම හොරෙන් ඒ මතක දිහා බල බල සුසුම් හෙලන.ඒ හැමෝටම 96 කියන්නේ උණුසුම් සිනමාපටයක් වේවි

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...