Wednesday, June 19, 2019

මල් වඩම් කවියක්

පෑල දිග අහසේ 
පහන් තරුවක් පිපුනා
කිරි සයුර වියැලී 
නෙතින් කඳුළක් හැලුනා...

මහා දෙව් විමන් වල
රාජ භෝජන ඉදුනා
ඉදුල් රොඩ්ඩක් නැතිව
කුස ගින්න බුර බුරා නැගුනා...

දෙදහස්ම පන්සිය වසක් ගැන
උරුමයට තලු මරනා
සාපලත් බිම නොඋපදින්නට
පුංචි තරු ඇස නිවුනා...



No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...