බොහෝ කලකට පසුව
නුඹේ රුව දුටුවෙමි
මුහුණු පොත තුල
සැරිසරන...
එදා සුදු රැලි ගවුම හැද
පුංචි හසගනක ලෙස
පාසල පුරා පිය නැගූ නුඹ
වෙනස් වී ඇති අරුමය...
ඒ නමුදු
නිල් නුවන් දෑස
තවම ඒ ලෙසමය
වෙනසකට ඇත්තේ
නුඹේ ආදරණීය කැල්ම
මා වෙනුවෙන් නොවී
තවකෙකුගෙ වීමය...
ඉතින් සොදුරිය
නැවත අප කොහේ හෝ
මංසලක වෙන වෙනම
හමු වනු ඇත
එතෙක් ඔබට
ආයුබෝවන්...
Subscribe to:
Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...