Saturday, August 22, 2020

ගිලෙන නැවේ මීයෝ

විල්පත්තුවේ

හදවත සිදී

සිංහරාජයේ

අක්මුල් බිඳී

නටමු අපි මිනිසුනි

සංවර්ධනයයි මේ...


අලි ඇතුන් ඇත මැරී

පාර්ලිමේන්තුව ඇතුලේ

වයසක සීයල නිදී

නටමු අපි මිනිසුනි

ආසියාවේ අසිරිමත්

රටයි මේ...


එකාට එකෙක් නැතී

උන් උන් කුලල් කා ගනී

උරුමයට පොරකන

මහ නරුම ගති ඇතී

නටමු අපි මිනිසුනි

ධර්ම දිවයිනයි මේ...


කිසිදා අවදි වනු නැතී

ණය බරින් මිරිකෙනු ඇතී

නටමු අපි මිනිසුනි

මේ ගිලෙන නැවේ

බෑන්චූන් මීයන් ය අපී...









































Thursday, August 20, 2020

ඔබෙන් ලද ප්‍රේමයෙන් සමුගන්න අවසරයි

සමුගනිමි ඉතින් මම

අතීතේ සැමරුම් තුරුලු කර

හිමි නොවන බව දැන දැනම

ලං ලංව හිදීමද ප්‍රේමය...?


දොඩමලුව උයන්වතු,ගංතෙර

අත්බැඳන් මුමුණමින් යන සද

මම ආදරෙයි කියා ඔබ කීවද

සැබැවින්ම එය හිතේ තිබුණිද...?


මේ මංසලින් වෙන්වීම නියතය

යලිත් හමුවේද කිව නොහැකිය

හීන් හිරිපොදක් යැයි සිතුවද

මුරුගසන් වැස්සක් ය ප්‍රේමය...
























නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...