සමුගනිමි ඉතින් මම
අතීතේ සැමරුම් තුරුලු කර
හිමි නොවන බව දැන දැනම
ලං ලංව හිදීමද ප්‍රේමය...?
දොඩමලුව උයන්වතු,ගංතෙර
අත්බැඳන් මුමුණමින් යන සද
මම ආදරෙයි කියා ඔබ කීවද
සැබැවින්ම එය හිතේ තිබුණිද...?
මේ මංසලින් වෙන්වීම නියතය
යලිත් හමුවේද කිව නොහැකිය
හීන් හිරිපොදක් යැයි සිතුවද
මුරුගසන් වැස්සක් ය ප්‍රේමය...

No comments:
Post a Comment