Tuesday, February 4, 2020

හැත්තෑ දෙවන නිදහස් දිනය දාය

මල කෑ කඩුව
වාරුවට තියාගෙන
අවුරුදු හැත්තෑ දෙකක්
මහලු සිහ රද
කල්පනාවක බරව
ගාලු මුවදොර අසළ
ඈත ඉම බලාගෙන...

කුසගින්නෙ මියෑදෙන
පොඩි උන්ය
අරාබියෙ කඹුරන
උන්ගෙ මව්වරුය
රටේ සාරය උරා බොන
විජාතික පණු කැලය
උන්ට පණ දෙන
මැති ඇමති බලු රැලය...

විජාතිකයන්ට බිලිදෙන
රටේ සම්පත් ටිකය
සිහල දෙමල මුස්ලිම්
ජාති ජාතින් බෙදී
ගිනි තබන කඩපිල් ය...

රට කරවන උන්
කරන බෝ ජඩවැඩය
වංචාව,නාස්තිය,දූෂණය
රටේ වට පිට හැමතැනය...

ඒ බව දුටු නුදුටු
හුදී ජන ගොන් කැලය
නුඹලා ඔය සමරන
"නිදහස"
අලුත් වටයකින්
අලුත් වහලුන් බිහිවූ
තවත් එක් දිනක්
පමණය...

කියා ඒ සිහරද
මල කෑ කඩුව ගෙන අතට
සියතින්ම
දිවිතොර කර ගත්තේය...














































නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...