මල කෑ කඩුව
වාරුවට තියාගෙන
අවුරුදු හැත්තෑ දෙකක්
මහලු සිහ රද
කල්පනාවක බරව
ගාලු මුවදොර අසළ
ඈත ඉම බලාගෙන...
කුසගින්නෙ මියෑදෙන
පොඩි උන්ය
අරාබියෙ කඹුරන
උන්ගෙ මව්වරුය
රටේ සාරය උරා බොන
විජාතික පණු කැලය
උන්ට පණ දෙන
මැති ඇමති බලු රැලය...
විජාතිකයන්ට බිලිදෙන
රටේ සම්පත් ටිකය
සිහල දෙමල මුස්ලිම්
ජාති ජාතින් බෙදී
ගිනි තබන කඩපිල් ය...
රට කරවන උන්
කරන බෝ ජඩවැඩය
වංචාව,නාස්තිය,දූෂණය
රටේ වට පිට හැමතැනය...
ඒ බව දුටු නුදුටු
හුදී ජන ගොන් කැලය
නුඹලා ඔය සමරන
"නිදහස"
අලුත් වටයකින්
අලුත් වහලුන් බිහිවූ
තවත් එක් දිනක්
පමණය...
කියා ඒ සිහරද
මල කෑ කඩුව ගෙන අතට
සියතින්ම
දිවිතොර කර ගත්තේය...
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...
No comments:
Post a Comment