Sunday, February 28, 2021

ආදරණීය ප්‍රේමකීර්තිට

එක යායේ කකා වැටුණු

උන් හට පද පේලි බැඳපු

මේ නගරය ගැන මතකය

හැමදාමත් හිතේ තියපු

තරු අත් අකුරින් ලියා තැබූ

පෙම්පත් ගැන ලොවට කියපු

තනි තරුවක් විය ගී අහසේ

ඇහැළ මහක සැඟව ගියපු...


සඳකැන් වැසිලා එතුනත්

ලෝකෙම අඳුරින්

සඳ මිදුලට එන හැටි කිව්වා

පද බඳමින්

රන් මීවිත පුරවාගෙන

සරතැස නිවමින්

තවමත් ගී පොත් අතරේ

ඇත මහ ඉහලින්....


හෙට දවසේ අප දෙදෙනා

මිහිරට හමු විය යුතු වේ

රටකින් එහා වෙන්වී

යන්නට නම් බෑ කිව්වේ

ආදරයේ උල්පත ගැන

සුන්දරතම ගී ලිව්වේ

ප්‍රේමේ නුඹෙ වදන් වලින්

දහසක් හද ගිනි නිව්වේ....

































No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...