චේතන් භගත්ගේ what young india wants කියන පොතේ සිංහල පරිවර්තනය දිලීප ජයකොඩි මහතා සිදුකර තිබෙනවා 'ඔහෙත් මෙහෙමද'?මෙහෙත් මෙහෙමයි' නමින්.ඒ පොතේ එක පිටුවක තියනවා මෙහෙම,
'අපේ මුස්ලිම් සහෝදරයෝ හිතන්න ඕනෙ ඒ අයට මේ රැවටීම කොයිතරම් කාලයක් කරල තියනවද කියලා.එයාල කොච්චර රැවටිලාද කියලා.දේශපාලඥයෝ එයාලගෙ ප්‍රශ්න විසදලා තියනවද කියල.නමුත් දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ රැවටීම විතරයි.දේශපාලඥයෝ නිසි යටිතල පහසුකම් දීල නෑ.ඒවා හදල නෑ.වාරි පහසුකම්,පාසල්,සෞඛ්‍ය පහසුකම් ලබා දීලා නෑ.මේ පහසුකම් තුලින් තමයි පුරවැසියෙකුට ගෞරවාන්විතව ජීවත් වෙන්න පසුබිමක් හැදෙන්නෙ.නමුත් දේශපාලඥයෝ කරන්නෙ ඒවා නොකර මුලු ජනතාවම මෝඩයන් බවට පත් කිරීමයි.ජනතාවත් ඒ උගුලෙ අහුවෙලා නොදැනීම මෝඩයන් බවට පත් වෙනවා.මොකක්දඒ උගුල ?ඔවුන් ජනතාව කාකොටා ගන්න තැනට පත් කරනවා.හින්දුන්ට විරුද්ධවමුස්ලිම් අයවත්,මුස්ලිම් අයට විරුද්ධව හින්දුන්වත් අවුලනවා.ජනතාවගේ අවධානය ඒ වගේ සංවේදී දෑ වලට බොහොම ඉක්මනින් ඇදී යනවා.එයින් රජයේ නොහැකියාවන්,දූශණ,යටිතල පහසුකම් සැපයීම්,ජනතා සුභ සාධනය වගේ ජනතාවට ගරු සරු ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය සාධක වැහිල යනවා.හින්දු මුස්ලිම් ගැටුම් අතරෙදි කවුරුත් හිතන්නෙ නෑ 'අපේ දරුවන්ට පාසලක් නෑ නේද ' කියලා.රජයේ රෝහල් වල රෝගීන්ට ලැබෙන කුඩම්මගෙ සැලකිල්ල හින්දු මුස්ලිම් බේදයක් නැතුව ලැබෙනවා.බඩු මිල ඉහල යන්නෙ හින්දු-මුස්ලිම් කියලා බලලා නෙමෙයි.දෙගොල්ලොම භාණ්ඩ වලට ගෙවන්න ඕනෙ එකම මිල.ඒවා තමා විසදන්න තියන සැබෑ ප්‍රශ්න.නමුත් පාලකයන් හැමදාම කරන්නේ එවැනි ප්‍රශ්න නොවිසදා ඒවායින් ඇතිවන අසහනය කලකිරීම වහන්න ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිකර නව ප්‍රශ්න නිර්මාණය කිරීමයි '
ඇත්තටම චේතන් විස්තර කරන ඉන්දියාවත් ලංකාවත් දෙකම එකයි.නමුත් ලංකාවෙ ලේඛකයෙක් මුස්ලිම් සහෝදරයෝ කියල ලිව්ව නම් එතැනින්ම මිනිහා ජෙප්පෙක් හරි පෙරෙට්ටෙක් හරි වෙලා,ජාතිය පාවලා දුන්නු ද්‍රෝහියෙක් වෙලා.අන්න එතනයි වෙනස.මේ කතාව ලියන චේතන් භගත් අති සාtර්ථක ලේඛකයෙක්.ඔහුගේ නවකතාවකින් ඔහුම තිර පිටපත ලියපු අමීර් ඛාන් ප්‍රධාන චරිතය රගන three idiots ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ වාර්තා තැබූ චිත්‍රපටයක් වෙනවා.ඉන්දියාවේ තරුණ පරපුර චේතන්ලාගෙ අදහස් වැලද ගනිමින් ඉන්නවා.ඒකයි චේතන්ලා පාලකයන්ව් ඉවේචනය කිරීමේ වරදට හිරේ නොයන්නෙ.අන්තවාදීන් වර්ජනය කරන්න උත්සහ කලත් pk වගේ ඉන්දියාවේ ආගමික සංස්ථාව විවේචනය කරන චිත්‍රපට සාර්ථකව තිරගත වෙන්නෙ.ඔවුන් ඉන්දියාව අලුත් තැනකට ගෙනියයි.හැබැයි අපි කරන්නෙ සංහිදියාව ගැන කතා කරන කලාකරුවන් හෑල්ලු කරමින් ආගමික සංස්ථාව විවේචනය කරන කලාකරුවන් සාහිත්‍යකරුවන් හිරේ දමමින් වෙනම ආතල් එකක් ගැනීමඅ
ඉන්දියාවට ඉන්නවා චේතන්
අපිට හුලං
Thursday, June 20, 2019
සිසු විරු දිනය වෙනුවෙන්
නාදුනන සොහොන් වල
ටයර් ගිනි අතර මැද
ඇණ පහර මිටි පහර
කස තැලුම් පහර වැද
අදුරුතම අලුයමක
දිවි කුසුම හැර ගියද
නුඹ මතක අමතකව
නොයයි කිසි දින සබද...
ටයර් ගිනි අතර මැද
ඇණ පහර මිටි පහර
කස තැලුම් පහර වැද
අදුරුතම අලුයමක
දිවි කුසුම හැර ගියද
නුඹ මතක අමතකව
නොයයි කිසි දින සබද...
Wednesday, June 19, 2019
උපුටා ගැනීමකි
SATURDAY, OCTOBER 13, 2012
එදා-අද
සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත් කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ "සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස් දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ "සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි කියලයි මට හිතෙන්නේ.
1986 අගෝස්තු 20 නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්‍රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.

2012 ඔක්තෝබර් 13 දින තැබූ සටහනකි
සමුගනිමු රිසානා
මොහොතකට
ඉතින් හුග කාලෙකට පස්සේ මට මොනවා හරි ලියන්න කියල හිතුන එකත් පුදුමයක්.කොහොම උනත් ලියන්න හිතුනේ මුළු රටම කම්පාවෙච්ච සිදුවීමක් ගැන.ඔවු රිසානා ගැන.රිසානවා මරා දමලා.නොදරුවෙකුගේ උගුරේ කිරි හිරවී මැරුණු වරදට තමයි රිසානාට ඒ දඩුවම හිමි උනේ.ඇත්තටම අන්තර්ජාලයේ පත්තරවල දකින දකින තැන්වල මුස්ලිම් ජාතිකයන්ට අම්ම මුත්තා මතක් කර කර බැනපු අපි සිංහල,දෙමල,මුස්ලිම් බේදයක් නැතුව රිසානාගේ ඉරණම ගැන කම්පා වෙනවා.ඒත් එක්කම අපේ හදවත් වලින් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා.ඇත්තටම රිසානා මැරෙනකන්ම ඇය ගැන නිවැරදි සොයා බැලීමක් අපි හෝ මේ ආණ්ඩුව විසින් සිදු කලාද කියන එක. දැන් ඇගේ මරණයත් එක්ක ඔක්කොම පුක කැඩිච්ච කඩි වගේ දගලනවා.තානාපතිවරු ඉවත් කරනවා.අරාබියට කාන්තාවන් පිටත් කිරීම නවත්තන්න හදනවා.රිසානාගේ පවුලට ගෙවල් හදල දෙන්න හදනවා.මේ ඔක්කොම කරන්නේ ඇය මිය ගියාම.හරි වචනේ ඇයව කුරිරු ලෙස මරා දැම්මාම.
රිසානා රට ගියේ අඩු වයසින්.ඒ තමන්ට සැප හොයාගෙන නෙමෙයි.ඉන්න හිටින්න තැනක් නැති පවුලේ උදවිය වෙනුවෙන්.පාසල් යන වයසේ උන් නංගිලා මල්ලිලා වෙනුවෙන්.තමන් වැටිල ඉන්න දුප්පත්කම කියන ගොහොරුවෙන් එලියට එන්න හිතාගෙනයි ඇය රට ගියේ.නමුත් අවාසනාවන්ත විදියට ඇයට සිද්ද උනේ හැමෝම අඩවලා පෙට්ටියකින් එන්න.ඉතින් වරද කාගේද?ඇයව අඩු වයසින් රට යවපු ඒජන්සිකාරයෝද?එහෙම නැත්තන් අඩු වයසින් රට ගිය රිසානාද අරාබි නීතියද?නැත්තන් මැරිච්ච නොදරුවද ?ඔය ඔක්කොටම වඩා මූලික වැරැද්ද රිසානාගේ දුප්පත්කම.මේ රටේ නැති මිනිස්සු ඉන්නකන් දුප්පත්කමේ අන්තයට ගිහින් යන එන මන් නැතුව ඉන්න මිනිස්සු ඉන්නකන් තව තව රිසානලා බිහි වේවි.අරාබියේ නැති උනත් ලෝකේ වෙන රටවල ගිහින් වහල්කම් කරාවි.මේ වගේම මිනී පෙට්ටිවල තව දහස් ගණන් අපේම අම්මලා අක්කලා නංගිලා ඒවි.ඉතින් අපි මොකක්ද කල යුත්තේ?හැමෝටම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් බිහි කිරීමයි.ඒ සමාජය ඇතුලේ මේ වගේ දුප්පත්කම නිසා මිය යන රිසානලා වගේ අහිංසකයන් නොසිටිවී.ඉතින් එහෙවු සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදිනවාද?නැත්තම් වහලුන් සේ මිය යනවාද?තීරණය අප ඔබ සතුයි.
තව දෙයක්.නීතිය කියන්නේ ධනපතියා රකින එක ආයුධයක් විතරයි.එකෙන් ඔබ මා වැනි නිර්ධනයෙකුට ලැබෙන පිහිටක් නැහැ.ඒක මන් ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.ලංකාවේ පොලිසියකට උසාවියකට ගියානම් ඔබ ඒක හොදින් අත්විඳලා ඇති.අරාබි නීතිය උනත් ඇමෙරිකාවේ නීතිය උනත් ලංකාවේ නීතිය උනත් ඔය ඔක්කොම එකයි.උන්ගේ වාසියට තමයි ඔය හැම නීතියක්ම.එක නිසා මේ බොරු ජාති ආගම් කුල බේද අතැරලා අපි එකා වගේ නැගී හිටිමු.අපි ඔක්කොටම සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්,ලෝකයක් බිහි කරමු. ඒකට අපි හැමෝටම ශක්තිය තියනවා.
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත කොස් නැදුන් වෙමු
උන්ට එසවිය නොහෙන....
දර්ශන මේදිස් කවියාගේ 'කඳුළු මිටියාවතින් ' කවි පොතෙනි.

මෙය 2013 ජනවාරි 14 දින මගේ පෙර බ්ලොග් එකේ තැබූ සටහනකි
සොක්‍රටීස්
සොක්‍රටීස්
ඉතින් කොහොමද?මේ දවස් ටික වැඩ ගොඩක් තිබ්බ දවස් ටිකක්.කියන්න දේකුත් තියනවා.මේ බ්ලොග් එක ලියන මාත් දවසකට හරි නළුවෙක් උනානේ.අපේ සරච්චන්ද්‍ර වලේ පෙන්නපු සොක්‍රටීස් කියන ඩ්‍රාමා එකේ පුංචි පාර්ට් එකකට මාවත් ගත්තා.මට ඉතින් කියන්න කියල දෙබසක්නම් නැහැ.නාට්ටිය පුරාවටම ඔලුව හොල්ල හොල්ල ඉන්න තියෙන්නේ සොක්‍රටීස් පඩිතුමාගේ ගෝලයෙක් විදියට.ඒත් නිශ්ශංක දිද්දෙනියලා ජයලත් මනොරත්නලා ලූෂන් බුලත්සින්හලලා වගේ අග්‍රගන්‍ය නළුවන්ගේ තිබිරි ගේ උන සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ එහෙම නැත්තන් වලේ නාට්‍යක ඉන්නවා කියන එකමත් වාසනාවක්නේ.
සොක්‍රටීස් නාට්‍යයේ මුල් පිටපත මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍රයන්ගේ.ඒකෙ රගපැවේ ජයලත් මනෝරත්න වගේ හොදම නාට්‍ය ශිල්පීන්.අලුත් සොක්‍රටීස් නාට්‍ය අද්‍යක්ෂනය කලේ පූජිත ඩි මැල් සර්.අපේ ලලිත කලා අංශයේ සහෝදර සහෝදරියන්ගේ වැඩක් විදියට තමයි ඒක එලියට ආවේ.උන් මාස ගානක් මහන්සි උනා ඔය වැඩේට.මං නම් ඩ්‍රාමා එක පෙන්නන්න දවස් 2කට විතර කලින් සෙට් උනේ හදිසියේම.කොහොම උනත් ඩ්‍රාමා එක බලපු යටත් එක ලොකු අත්දැකීමක් උනා.හේතුව සාමාන්‍යයෙන් වලේ ඩ්‍රාමා එකක් පෙන්නන්නේ මැද.බලන ය වටේ පඩි පෙළ උඩ ඉදන් තමයි බලන්නේ.සොක්‍රටීස් පෙන්නුවේ ඒ පඩිපෙළවල උඩ .ප්‍රේක්ෂකයෝ හිටියේ වල මැද.ඒක මුළු ප්‍රේක්ෂකාගරයම කණපිට හැරවීමක්.ඇත්තටම මේ ක්‍රමයට කියන්නේ සයිඩ් ෆැසිෆික් තියරි කියලා.කොහොම උනත් සොක්‍රටීස්ගේ දර්ශනයත් එක්ක එයා ලෝකෙට දුන්න පණිවිඩයත් එක්ක ඒ ක්‍රමේ ගැලපෙනවා කියල මට හිතුනා.ඔහුට ඕනේ කලෙත් පාලක පන්තියේ බොරුවෙන් සාමාන්‍ය මනුස්සය ගලවා ගන්න.ඔවුන්ගේ පීඩාවට හේතුව දෙවියන් නෙමෙයි පාලකයෝ කියල ජනතාවට කියල දෙන්න.සොක්‍රටීස් දෙවියන් අභියෝගයට ලක් කළා.පැවතුන සමාජය අභියෝගයට ලක් කලා.පාලක පන්තියට අභියෝග කලා.ප්‍රශ්න කලා.ඉතින් අද වෙන විදියට ඒ කියන්නේ පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කරන පාලකයන්ට අභියෝග කරන මිනිස්සුන්ව මර්දනය කරන්න මරා දමන්න කටයුතු කරන විදියටම සොක්රටීස්ටත් වස දීල මරල දාන්න එවකට හිටපු පාලකයෝ කටයුතු කළා.ඒ උනත් අදටත් ලෝකයා මතක තියන් ඉන්නේ සොක්රටීස්ව මිසක් ඔහුව මරා දැම්ම පාලකයන්ගේ නම් නෙමෙයි.සත්‍යවත් සත්‍ය වෙනුවෙන් අරගල කරන මිනිස්සුන්ගේ නම්වත් කවදාවත් ඉතිහාසයෙන් මැකෙන්නේ නැහැ.සොක්‍රටීස් හැමදාමත් අපිට කියල දෙන පාඩම ඒක.

මෙය 2013 මැයි 11 දින මගේ පෙර බ්ලොග් එකේ මා ලියූ සටහනකි
මල් වඩම් කවියක්
පෑල දිග අහසේ
පහන් තරුවක් පිපුනා
කිරි සයුර වියැලී
නෙතින් කඳුළක් හැලුනා...
මහා දෙව් විමන් වල
රාජ භෝජන ඉදුනා
ඉදුල් රොඩ්ඩක් නැතිව
කුස ගින්න බුර බුරා නැගුනා...
දෙදහස්ම පන්සිය වසක් ගැන
උරුමයට තලු මරනා
සාපලත් බිම නොඋපදින්නට
පුංචි තරු ඇස නිවුනා...
පහන් තරුවක් පිපුනා
කිරි සයුර වියැලී
නෙතින් කඳුළක් හැලුනා...
මහා දෙව් විමන් වල
රාජ භෝජන ඉදුනා
ඉදුල් රොඩ්ඩක් නැතිව
කුස ගින්න බුර බුරා නැගුනා...
දෙදහස්ම පන්සිය වසක් ගැන
උරුමයට තලු මරනා
සාපලත් බිම නොඋපදින්නට
පුංචි තරු ඇස නිවුනා...
Subscribe to:
Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...