Thursday, June 20, 2019

ඉන්දියාවටචේතන්-අපිට හුලං

චේතන් භගත්ගේ what young india wants කියන පොතේ සිංහල පරිවර්තනය දිලීප ජයකොඩි මහතා සිදුකර තිබෙනවා 'ඔහෙත් මෙහෙමද'?මෙහෙත් මෙහෙමයි' නමින්.ඒ පොතේ එක පිටුවක තියනවා මෙහෙම,

'අපේ මුස්ලිම් සහෝදරයෝ හිතන්න ඕනෙ ඒ අයට මේ රැවටීම කොයිතරම් කාලයක් කරල තියනවද කියලා.එයාල කොච්චර රැවටිලාද කියලා.දේශපාලඥයෝ එයාලගෙ ප්‍රශ්න විසදලා තියනවද කියල.නමුත් දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ රැවටීම විතරයි.දේශපාලඥයෝ නිසි යටිතල පහසුකම් දීල නෑ.ඒවා හදල නෑ.වාරි පහසුකම්,පාසල්,සෞඛ්‍ය පහසුකම් ලබා දීලා නෑ.මේ පහසුකම් තුලින් තමයි පුරවැසියෙකුට ගෞරවාන්විතව ජීවත් වෙන්න පසුබිමක් හැදෙන්නෙ.නමුත් දේශපාලඥයෝ කරන්නෙ ඒවා නොකර මුලු ජනතාවම මෝඩයන් බවට පත් කිරීමයි.ජනතාවත් ඒ උගුලෙ අහුවෙලා නොදැනීම මෝඩයන් බවට පත් වෙනවා.මොකක්දඒ උගුල ?ඔවුන් ජනතාව කාකොටා ගන්න තැනට පත් කරනවා.හින්දුන්ට විරුද්ධවමුස්ලිම් අයවත්,මුස්ලිම් අයට විරුද්ධව හින්දුන්වත් අවුලනවා.ජනතාවගේ අවධානය ඒ වගේ සංවේදී දෑ වලට බොහොම ඉක්මනින් ඇදී යනවා.එයින් රජයේ නොහැකියාවන්,දූශණ,යටිතල පහසුකම් සැපයීම්,ජනතා සුභ සාධනය වගේ ජනතාවට ගරු සරු ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය සාධක වැහිල යනවා.හින්දු මුස්ලිම් ගැටුම් අතරෙදි කවුරුත් හිතන්නෙ නෑ 'අපේ දරුවන්ට පාසලක් නෑ නේද ' කියලා.රජයේ රෝහල් වල රෝගීන්ට ලැබෙන කුඩම්මගෙ සැලකිල්ල හින්දු මුස්ලිම් බේදයක් නැතුව ලැබෙනවා.බඩු මිල ඉහල යන්නෙ හින්දු-මුස්ලිම් කියලා බලලා නෙමෙයි.දෙගොල්ලොම භාණ්ඩ වලට ගෙවන්න ඕනෙ එකම මිල.ඒවා තමා විසදන්න තියන සැබෑ ප්‍රශ්න.නමුත් පාලකයන් හැමදාම කරන්නේ එවැනි ප්‍රශ්න නොවිසදා ඒවායින් ඇතිවන අසහනය කලකිරීම වහන්න ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිකර නව ප්‍රශ්න නිර්මාණය කිරීමයි '

ඇත්තටම චේතන් විස්තර කරන ඉන්දියාවත් ලංකාවත් දෙකම එකයි.නමුත් ලංකාවෙ ලේඛකයෙක් මුස්ලිම් සහෝදරයෝ කියල ලිව්ව නම් එතැනින්ම මිනිහා ජෙප්පෙක් හරි පෙරෙට්ටෙක් හරි වෙලා,ජාතිය පාවලා දුන්නු ද්‍රෝහියෙක් වෙලා.අන්න එතනයි වෙනස.මේ කතාව ලියන චේතන් භගත් අති සාtර්ථක ලේඛකයෙක්.ඔහුගේ නවකතාවකින් ඔහුම තිර පිටපත ලියපු අමීර් ඛාන් ප්‍රධාන චරිතය රගන three idiots ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ වාර්තා තැබූ චිත්‍රපටයක් වෙනවා.ඉන්දියාවේ තරුණ පරපුර චේතන්ලාගෙ අදහස් වැලද ගනිමින් ඉන්නවා.ඒකයි චේතන්ලා පාලකයන්ව් ඉවේචනය කිරීමේ වරදට  හිරේ නොයන්නෙ.අන්තවාදීන් වර්ජනය කරන්න උත්සහ කලත් pk වගේ ඉන්දියාවේ ආගමික සංස්ථාව විවේචනය කරන චිත්‍රපට සාර්ථකව තිරගත වෙන්නෙ.ඔවුන් ඉන්දියාව අලුත් තැනකට ගෙනියයි.හැබැයි අපි කරන්නෙ සංහිදියාව ගැන කතා කරන කලාකරුවන් හෑල්ලු කරමින් ආගමික සංස්ථාව විවේචනය කරන කලාකරුවන් සාහිත්‍යකරුවන් හිරේ දමමින් වෙනම ආතල් එකක් ගැනීමඅ

ඉන්දියාවට ඉන්නවා චේතන්
අපිට හුලං

No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...