අතින්වත් අල්ලන්නෙ නැතුව මොහොතකටවත් ලගට එන්නෙ නැතුව දෙදෙනෙකුට මහා ආදරයක් හටගන්න පුලුවන්ද?අඩුමගානෙ තමන් ආදරය කරන කෙනාගෙ කටහඩවත් නොඅහ.උත්තරය පුලුවන්.ඛලීල් ජිබ්‍රාන් සහ මේ සියාදා අතර තිබුනෙ ඒ වගේ ආදරයක්.ඔබ ඛලීල් ජිබ්‍රාන් ගැන නම් අහල ඇති.විශිෂ්ඨ කවියෙක්.දාර්ශනිකයෙක් සහ චිත්‍ර ශිල්පියෙක්.කුඩාකාලයෙම ඇමරිකාවට සංක්‍රමණය වන ඛලීල් ජිබ්‍රාන් උපතින් ලෙබනන් ජාතිකයෙක්.පෙරදිග ගූඪවාදී කවීන්ගේ හා දාර්ශනිකයන්ගේ ලෝකය ඔහු සිය චමත්කාරජනක අදහස් මගින් බටහිර ලෝකයට ගෙන ගියේය.ඔහුගේ prophet නමැති ග්‍රන්ථයහරහා තමන්ගේ දාර්ශනික මතවාද රැසක් ඔහු ලෝකයට හෙලි කලේය.
1886 පෙබරවාරි 11 දින පලස්තීනයේ නසරෙත්හි උපත ලද මේ සියාදා විසිවන සියවසේ අරාබි සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛිකාවක ලෙස සැලකෙයි.කුඩා කාලයේම ඊජිප්තුවේ කයිරෝවට සංක්‍රමනය වූ මේ සියාදා 1911 දී සිය ප්‍රථම නිර්මාණය පල කළාය.නව සාහිත්‍ය විචාරිකාවක ලෙස කටයුතු කරද්දී ඇයට ඛලීල් ජිබ්‍රාන්ව හදුනාගැනීමට හැකිවූ අතර දෙදෙනා අතර වූ සාහිත්‍ය ලිපි ගනුදෙනු ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවටද පත්කරවීය.නමුත් 1931 දී ඛලීල් මියයන තුරුම ඔවුන් දෙදෙනා අතර කිසිදිනෙක හමුවීමක් සිදුනොවීය.ඔවුන් එකිනෙකා හදුනාගත්තේ ඔවුන් අතර හුවමාරු වූ ලීපි මගින් පමණක්ම විය.ඛලීල්ගේ මියයාමෙන් අනතුරුව දැඩි හුදෙකලාවක නිමග්න වූ සියාදා සියදිවි නසා ගැනීමටද උත්සහ කලාය.නමුත් එය අසාර්ථක විය.1939 දී යලි සාහිත්‍යකරණයට ප්‍රවේශ වූ ඇය 1941 දී මිය ගියාය.
මේ සියාදා තුලින් ජිබ්‍රාන් දුටුවේ නැගෙනහිර දේශයේ ගුප්ත සුන්දරත්වයයි.1912 දී ආරම්භ වූ දෙදෙනාගේ ලියුම් හුවමාරුව ජිබ්‍රාන් මියගිය 1931 දක්වාම සිදුවිය.කිසිදා හමුවීමක් නොමැති වූ සියාදා අවසානය දක්වාම ජිබ්‍රාන්ගේ සිහිනය සහ යථාර්ථයවිය.
"බැහැර ගොස් සිටියෙමි.කාරුණික ප්‍රියජනක ලියුම ලැබුණේ එවිටය.රෝගී අතින් ලිවිය නොහැකිය.මේ පණිවිඩය ප්‍රීතිමත් නත්තලක් හා ගී ගැයෙන නව වසරක් වෙනුවෙන් එවනු ලබන ආදරයෙන්ද සුබ පැතුමෙන්ද පිරුණු එකකි.
ජිබ්‍රාන් " (මේ සියාදා වෙනුවෙන් ජිබ්‍රාන් තැබූ අවසාන සටහන)
උපුටා ගැනීම ආනන්ද අමරසිරි පරිවර්තනය කල "ඇයට ලියූ පෙම් හසුන්" ග්‍රන්ථයෙනි
Wednesday, July 3, 2019
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...

No comments:
Post a Comment