SATURDAY, OCTOBER 13, 2012
එදා-අද
සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත් කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ "සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස් දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ "සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි කියලයි මට හිතෙන්නේ.
1986 අගෝස්තු 20 නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්‍රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.

2012 ඔක්තෝබර් 13 දින තැබූ සටහනකි
No comments:
Post a Comment