1.ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට දැවැන්ත කැලලක් එක් කිරීම.(අයථා ලිංගික සම්බන්ධතා ඉස්මතු කිරීම,පුද්ගල ඝාතනයන්ට අනුබල දීම වැනි කාරණා ඉස්මතු කිරීම තුලින්)
2.රටේ බලවත් ව්‍යාපාරිකයන් දේශපාලකයන්ට බලපෑම් කිරීම තුලින් සිය දුෂ්ඨ අරමුණු ඉටු කරගන්නා බව හුවා දැක්වීමෙන් ගෞරවණීය ව්‍යාපාරික පැලැන්තියට සහ දේශපාලකයන්ට අපහාස කිරීම සහ ඒ හරහා ජනතාව අතර නොසන්සුන්තා මතු කිරීම.
3.සිදුවන් ඝාතනයන්ට සහ පැහැරගැනීම් වලට ජනාධිපතිවරයා මූලිකව වගකිවයුතු බව ඉස්මතු කිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවිය ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම.
4.රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ගෞරවණීය ආයතන වන පොලිසිය ඇතුලු බුද්ධි අංශ රටේ සිදුවන ඝාතන,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම්,සාක්ශි විකෘති කිරීම් වලට සම්බන්ධ බවටත් බොරු චෝදනා ඉදිරිපත් කිරීමෙන් අහිංසකයන් හිරේ යවන බවටත් ඉස්මතු කරන දර්ශන ඉදිරිපත් කිරීම හරහා රණවිරුවන්ගේ කීර්තිනාමය විනාශ කිරීම.
5.බන්ධනාගාර නිළධාරීන් අල්ලස් සහ වෙනත් දූශිත ගනුදෙනු කරමින් මුදල් උපයන බවටත් සිරකරුවන්ට නිකරුණේ පහර දෙන බවටත් ඉස්මතු කරමින් ගෞරවණීය බන්ධනාගාර නිළධාරීන්ට අපහාස කිරීම.
6.බුද්ධි අංශ විසින් අපරාධකරුවන් අල්ලාගැනීමට භාවිත කරන උපක්‍රම,තාක්ෂණික උපකරණ,උපාය මාර්ග පිළිබඳව සදහන් කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම.
7.මේ සියලු කරුණු හරහා රටේ විධායකය,ව්‍යවස්ථාදායකය,අධිකරණය,මහජන සාමය,කීර්තිනාමය බිද දැමීමට ක්‍රියා කිරීම.
කියලා ප්‍රිසන් බ්‍රේක් සීසන් ඔක්කොම තහනම් කරලා,ඒක ඩිරෙක්ට් කරපු එකයි,කතාව ලියපු එකයි,රගපාන උනුයි ඔක්කොම අවුරුදු දේසීයකට විතර හිරේ අරින්න තිබ්බා.

No comments:
Post a Comment