Monday, July 15, 2019
මේ තරම් සියුමැලිද කලුගල්
මගේ හිතට දැනුණු සින්දුවක් තමයි සුනිල් එදිරිසිංහ මහත්තය ගායනා කරන" මේ තරම් සියුමැලිද කළුගල් "කියන සින්දුව.මං ගීත විචාරකයෙක් නොවුනත් මට මේ සින්දුව ගැන මගේ හිතට දැනුණු දේවල් මේ විදියට ලියන්න හිතුන.
" මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා...
මා ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.........."
ඇත්තටම කළු ගලකට මේ තරම් සියුමැලි බවක්,සජීවී බවක්,මේ තරම් හිත නිවන බවක් තියනවද?මේ කළුගලට එතරම් හැකියාවක් දුන්න කලාකරුවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.ඉතින් මං ගියා ඒ අසාමාන්‍ය හැකියාවක් තියන කලාකරුවා හොයාගෙන..
" කලා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන උපදින රල දිහා...."
රාජ්‍ය ගෞරව ලැබිය යුතු කලාකරුවෙක්.අසාමාන්‍ය සොඳුරු හදවතක් තියෙන මිනිහෙක්.ඒත් දුප්පතෙක්.මං යන වෙලාවේ ඔහු හිටියේ තමන්ගේ පුංචි අතු පැලේ පිල මත එලා ගත් පැදුරක වාඩි වෙලා ඈත කලා වැවේ රල නැගෙමින් බිදෙමින් විසිරෙන හැටි බලාගෙන.ඔහුගේ අත් වල පිපිරුණු කරගැට පිරිමදිමින්.එතනට වෙලා ඔහු ජීවිතේ අනියත බව මෙනෙහි කරනවා.නොලැබුණු දේවල් ගැන ශෝකයක්වත් ලැබුණු දේවල් ගැන උදම් වීමක්වත් නැතුව.
" ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්වතිය කොතනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යයි කියා....."
මේ තරම් සුන්දර මිනිහෙක් පෙම්වතා විදියට ඉන්න පෙම්වතිය කොච්චර නම් වාසනාවන්ත වෙන්න ඕනෙද?සමහර විට ඉසුරුමුණියේ කැටයම් කරපු පෙම්වතියගෙයි පෙම්වතගෙයි රූප මොහුගෙයි ඇගෙයි වෙන්න ඇති.ඉතින් මං ඇහුව ඔහුගේ පෙම්වතිය ගැන.එවිට ඔහු හිනාවෙලා ඈත රල දිහා බලල කිව්වා ඔහු තවම තනිකඩ බව.නමුත් ඒ කට හඩේ තිබුනේ ශෝකී බවක්.හරියට පරණ මතකයක් වසන් කරන්න හදනවා වගේ.සමහර විට කාලෙකට කලින් ඔහුටත් ඉන්න ඇති ඉසුරුමුණියේ පෙම්වතාට වගේම සුන්දර පෙම්වතියක්.යම්කිසි හේතුවක් නිසා ඇය ඔහුව දාල යන්න ඇති.කොහොම වෙතත් මේ කලාකරුවාගේ හිත තවම කවුරුත් තේරුම් අරන් නැහැ.ඊට හේතුව ඔහුගේ හිත සියුමැලි උනත් ඔහු දුප්පතෙක් වීමද?ඔහු මේ තරම් දක්ෂ ලෙස කැටයම් කරන්නේ ඔහුගේ හිතේ ඒ තෙරපෙන වේදනාවද?එකට පිළිතුර දන්නේ ඔහුමයි.
මං ඔහුගෙන් සමු අරගෙන එන්න පිටත් උනා.ඔහුගේ පැල පෙනෙන නොපෙනෙන මායිමේදී නැවත හැරිලා බලද්දී බැසයන හිරුගේ අවසන් රැස් දහර අතරින් මං දුටුවේ ඔහු තවමත් පිල උඩ වාඩි වෙලා ඈත රල දිහා බලන් ඉන්න හැටි..........
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...

No comments:
Post a Comment