බලාපොරොත්තු නැතුව
එදා වේල අහුලන් කන මිනිස්සු
ලෙඩට බේත් ටික නැතුව
ඉස්පිරිතාලෙ ඇදන් යට
නිදියන මිනිස්සු...
පොල් අතු වහල යට
දරුවන් අකුරු කරද්දි
දහසකුත් ලෙඩ දුක් වලින්
ඔහේ මැරිල යන මිනිස්සු
බදු පිටම බදු කකා
පාලකයො රොත්තක්
රකින මිනිස්සු...
එක එකා ලග දෙකට නැවි නැවි
ටකරමට ලැට් පෝච්චියට්
කොන්ද බිදගත්ත් මිනිස්සු
ආගම් ජාතිය වෙනුවෙන්
මරාගෙන මැරුනත්
ආගමේ ප්‍රතිපත්ති
බලු ගනන් නොගන්න මිනිස්සු....
තමන්ගෙ ජාතියෙ එකාවත්
කපාගෙන උඩට යන මිනිස්සු
ඒ උනත් ජාතීන් වලට වෙන් වෙලා
උපන් බිම කෑලිකරගන්න
ගහ මරාගන්න මිනිස්සු....
බස් එකේ කෝච්චියේ
අතින් කටින් බඩු මලු එල්ලගෙන
ෆුට් බෝඩ් එකෙත් පොදිකකා
සත්තු වගේ ගෙදර යන මිනිස්සු...
එහෙව් රටක් තියනවා
අවුරුදු හතර පහකට් සැරයක්
එකම පවුලක උන් වගේකට
තමන්ව පාලනය කරන්න
ඉඩ දීලා
වහල්ලු වගේ බලන් ඉන්න...
ඒ රටට කියනවා
ද කුණු ආසියාවෙ ආස්චර්‍ය

No comments:
Post a Comment