මතක පිරි නුවර වැව
රැලි නඟයි පෙර සේම
නුඹ කොහේදැයි නොදැන
මඟ බලමි මම තාම...
වැටුනු පොද වැස්ස නුඹ
අවාරෙක ගිම්හාන
තනිව මා සිටිනු දැක
සුසුම් ලයි හන්තාන...
සොඳුර පෙර ලෙසම නම්
මා සමඟ සිටි මතක
වැව රවුම ළඟයි මම
ගොසින් නෑ තව දුරක....
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
No comments:
Post a Comment