පාර්ලිමේන්තු පාරේ දියවන්නාව ලග ගහල තියනව බෝර්ඩ් එකක්
"වැවෙහි කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න"
ඕක දකින කොට මගේ හිතේ ලියවෙනවා පද දෙකක්
"පාර්ලිමේන්තුවේ මකරු
රකිති වටේට කිඹුල්ලු"
ඔහොම පාර්ලිමේන්තු පාර පහුකරන් යද්දි මම හැමදාම දකිනවා එක කොළයක් නැතිවෙන්න පාර්ලිමේන්තුවට යන පාර අතුගාන කම්කරුවෝ.කොටින්ම පාරෙ තියන චූටි කොළ කෑල්ල පවා උන් වැකුම් කරල අයින් කරනවා.ඒක දකින කොට මට මතක් වෙනවා ලස්සනට මල් වවපු,තණකොල අල්ලපු වටපිටාවක් මැද තියන පණුවො ගහපු අසූචි වලක්.
අද වැඩ ඇරිලා එනකොට පාර්ලිමේන්තුව අසල අපේ ගම පරිශ්‍රය දිහා බලාගෙන පොරක් චූ පාරක් අල්ලනව දැක්කා පාර අයිනෙ ඉදගෙන.ඔය වැඩේ තව ටිකක් ඉස්සරහට ඇවිත් පාර්ලිමේන්තුව පැත්ට්ත බලාගෙන කලා නම් ඒ පොර අනිවා ජාතික වීරයෙක් වෙනවා.
No comments:
Post a Comment