එදා හිටියෙ වහල්ලු
දම්වැල් දාගෙන වැදගෙන
හාම්පුතා කියන හැම
දහදුරා වැඩේම කර කර...
ඒත් කැරලි ගැහුවා
ස්පාර්ටකස්ලා එදත්
තමන්ගේ නිදහස
වෙනුවෙන්...
අදත් ඉන්නවා වහල්ලු
දම්වැල අලුත් වෙලා
ටයි එක දාගෙන
කෝට් ඇදගෙන
ඒසී එකේ ඉදගෙන...
ගල් කඩන,පොල් කඩන
කම්හලේ යකඩ උස්සන
කම්කරු ගොවියන් හැමදෙන
ඇග වෙහෙසනවා වගේම...
දොස්තර,එකවුන්ටන්ට්
ඉංජිනේරු,සුපවයිසර්
මොලේ වෙහෙසන එවුනුත්
මොකෙකුගෙ හරි වහලුන් බව
උන් දන්නේ නෑ තාමත්...
ටයි කෝට් එකෙන්
වැහිලා උන්ගේ මොල
ඒසී එකේ සීතලට
ගල් වෙලා....
ජාත්‍යන්තර කම්කරු දිනය
මැයි 01
Thursday, April 30, 2020
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...

No comments:
Post a Comment