සුන්දර ෆ්ලොරෙන්සියානු පුරවර
පිපුණු සුදු කානේෂන් මල
මොනාලීසා
මොනාලීසා...
ඔය රූසිරෙන් මත්ව
ආර්නෝ ගඟෙන් එතෙරව
එමි මම නුඹව සොයාන
මොනාලීසා
මොනාලීසා...
තෙලිතුඬින් ගෙන
මට අහිමි ඔය
සුමුදු රතු දෙකොපුල
කැන්වසයක තවරමි
මොනාලීසා
මොනාලීසා...
ඒ නමුදු මගේ පෙම
නොසඟවමි
කැන්වසය පුරා විසිරුවමි
මොනාලීසා
මොනාලීසා...
තව වසර සියයක්ද ඉන්පසුද
අප අතර ඉපදුණ
ඒ නමුදු නොකියුන
ප්‍රේමය
ලෝකයට දකින්නට
නුඹේ සිනාවේ දවටමි
මොනාලීසා
මොනාලීසා....
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...

No comments:
Post a Comment